හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක සමඟ එක්ව පිහිටුවන නව දේශපාලන පක්ෂයක ලේකම්වරයා ලෙස කටයුතු කිරිමට ගිවිසුමකට අත්සන් කර නොමැති බව උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින්.


