Gossips

රූකාන්ත ගුණතිලක දේශපාලනයට

එක්සත් ජාතික පක්ෂ නව ආසන සංවිධායකවරුන් 06 දෙනෙකු පත් කර තිබෙනවා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ දඹදෙණිය ආසන සංවිධායකවරයා ලෙස ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක පත් කර තිබෙනවා.
එසේම මීගමුව නව ආසන සංවිධායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පත් කර ඇති අතර, අරණායක ආසන සංවිධායකවරයා ලෙස පත් කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන ලලිත් දිසානායකයි.
මහනුවර – පාතදුම්බර ආසන සංවිධායකවරයා ලෙස පත් කර ඇත්තේ හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රී තිලිණ බණ්ඩාර තෙන්නකෝන්.
මීට අමතරව වාරියපොල සහ හිරියාල ආසන සදහා ද නව ආසන සංවිධායකවරුන් අද (11) පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතින් අරලියගහ මන්දිරයේදී පත්වීම් ලිපි ලබා ගත්තා.