Gossips

රුහුණ විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයත් වැසේ (ඡායාරූප)

සිසු ගැටුමක් හේතුවෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රය දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා.
එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ගාමීණි සේනානායක හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ කලා, විද්‍යා,කළමනාකරණ ඇතුළු පීඨ 5 ක් මෙලෙස වසා දැමීමට තීරණය කළ බවයි.
ඒ අනුව, අද (08) පස්වරු 3 ට පෙර නේවාසිකාගාරවලින් ඉවත් වන ලෙස විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සිසුන්ගෙන් ඉල්ලා ඇති බව සදහන්.
මේ අතර, රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨය වෛරස් උණ රෝගයක් පැතිර යාම හේතුවෙන් ඊයේ වසා දැමුණු අතර, තාක්ෂණ පීඨය වසා දැමීමට පියවර ගෙන තිබුණේ සිසු ගැටුමක් මුල් කර ගනිමින්.
එහි උපකුලපති මහාචාර්ය ගාමීණි සේනානායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ පසුගිය දින කිහිපය තුළම සිසුන් සියයකට ආසන්න පිරිසක් වෛරස් උණ වැළඳීම හේතුවෙන් අසනීප වී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ දැනුවත් කර ඇති බවද මහාචාර්යවරයා සඳහන් කළා.