රුහුණු විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයේ පාලන අධිකාරි ගොඩනැගිල්ල ඉදිරිපිට සිටින සිසුන්ට ඉන් ඉවත් වන ලෙසට අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ, සිසුවියන් දෙදෙනෙකුට විනය පියවර ගැනීමට එරෙහිව රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරියට අයත් ගොඩනැගිල්ලට අනවසරයෙන් ඇතුළු වී එහි කටයුතුවලට බාධා කිරීම හේතුවෙන්.
මෙම තත්ත්වය හේතුවෙන් පසුගිය සිකුරාදා රුහුණු විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රය දින නියමයක් නොමැතිව වසා දැමුණා.
කෙසේ වෙතත්, රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අදාළ පරිපාලන ගොඩනැගිල්ල තුළම රැදී සිටියා.
ඒ අනුව අදාළ විශ්වවිද්‍යාල පරිපාලන නිලධාරීන් පොලීසියට කළ පැමිණිල්ලකට අනුවයි මෙම අධිකරණ නියෝගය ගනු ලැබුවේ.
