Gossips

රුසියාව, ශ්‍රී ලංකා තේ කලවම් කරයි

විවිධ මූලාශ්‍රවලින් ලබා ගන්නා තේ, සිලෝන් ටී හෙවත් ශ්‍රී ලංකා තේ ලෙස අලෙවි කිරීමට රුසියානු රජය ඉඩ ලබාදී ඇති බවට මෙරට තේ අපනයනකරුවන් චෝදනා නගනවා.
එහි නියෝජිතයෙකු ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා තේ සියයට 50ක් අඩංගු තේ ඇසුරුම් සඳහා එරට රජය එලෙස ඉඩ ලබාදී ඇති බවයි.
ශ්‍රී ලංකාවේ ඉහළම තේ වෙළදපොළ මේ නිසා අවදානමකට ලක්විය හැකි බව තේ අපනයනකරුවන්ගේ සම්මේලනය පෙන්වා දෙනවා.
ඊට එරෙහි ජාත්‍යන්තර ප්‍රවර්ධන කටයුතු සඳහා තේ කර්මාන්තයේ සෙස් බද්ද යොදා ගන්නා ලෙසයි ඔවුන් යෝජනා කරන්නේ.