Gossips

රුසියාව, බටහිර රටවල් 23ක රාජ්‍ය තාන්ත්‍රිකයන් නෙරපයි

බ්‍රිතාන්‍යය සමඟ රාජ්‍ය තාන්ත්‍රික ආරවුල තවදුරටත් උත්සන්න කරමින් රුසියාව බටහිර රටවල් 23ක රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිටුවහල් කිරීමට තීරණය කර තිබෙනවා.
එමෙන්ම රුසියාවේ බ්‍රිතාන්‍යය තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සීමා කරන ලෙස ද රුසියානු රජය නියෝග කළා.
ඒ, බ්‍රිතාන්‍යයේ රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන්ට පනවා ඇති සීමාවලට අනකූල වන ආකාරයෙන්.
බ්‍රිතාන්‍යයේ සිටින හිටපු රුසියානු ඔත්තු සේවා නිලධාරියෙක් සහ ඔහුගේ දියණියට රසායනික අවි ප්‍රහාරයක් ක්‍රියාත්මක කළ බවට බ්‍රිතාන්‍ය රජය රුසියාවට චෝදනා කරනවා.
කෙසේ නමුත් රුසියාව එම චෝදනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කළා.
රසායනික අවි ප්‍රහාරයට ගොදුරු වූ සර්ජි ස්ක්‍රිපල් තවදුරටත් අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන අතර ඔහුගේ දියණිය යුලියා මේ වන විට සුවය ලබමින් සිටින බව සඳහන්.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා කරමින් බටහිර රටවල සිටින රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් 150 දෙනෙකු පමණ පිටුවහල් කර තිබෙනවා.