Gossips

රුසියාව තීන්දුව දැඩි කරයි

බ්‍රිතාන්‍ය ගත් තීරණයට ප්‍රතිචාර දක්වමින් රුසියාවේ සිටින බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් 23 දෙනෙකු පිටුවහල් කිරීමට කටයුතු කරන බව රුසියාව අද ප්‍රකාශ කළා.
සතියක් තුළ එය සිදුකරන බවයි ඔවුන් සදහන් කර ඇත්තේ.
බ්‍රිතාන්‍යයේ සිටින රුසියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් 23 දෙනෙකු නෙරපන බව එරට අගමැතිනි තෙරේසා මේ පසුගියදා සදහන් කළේ රුසියානු රහස් ඔත්තුකරුවෙකුට රුසියාවේ නිෂ්පාදිත විෂ වර්ගයක් ශරීරගත වීම පිළිබද පරීක්ෂණවලට සහය දැක්වීමට රුසියානු බලධාරින් එකග නොවීමත් සමගයි.
එය රාජ්‍ය තාන්ත්‍රික ගැටලූවක් දක්වා වර්ධනය වූ අතර රුසියාව ද ක්ෂණිකව ඊට ප්‍රතිචාර දක්වනු ලැබුවා.