Gossips

රුසියාව, ඊජිප්තුව තරඟය අද

සමාරම්භක තරඟයේදී සෞදි අරාබිය ගෝල 5ට බින්දුවක් ලෙස පරාජය කළ මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරක රට වන රුසියාව අද ඊජිප්තුව සමඟ තරඟ වදිනවා.
උරගුවේ පිළ අතින් පරාජය ලැබූ ඊජිත්තු කණ්ඩායමට අද සිය ප්‍රබලතම ක්‍රීඩකයා වන එංගලන්තයේ ලිවර්පූල් ක්‍රීඩා සමාජය නියෝජනය කරන මොහොමඞ් සලාක් එක්වීමට නියමිතයි.
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තරඟ දෙකක් අද පැවැත්වෙන අතර එහිදී කොළොම්බියාවට එරෙහිව ජපානයත්, සෙනගාලයට එරෙහිව පෝලන්තයත් තරඟ වදිනු ඇති.
මේ අතර, ඊයේ පැවැති ලෝක කුසලාන තරඟවලදී එංගලන්තය, ටියුනීසියාවට එරෙහිව ගෝල දෙකට එකක ජයග්‍රහණයක් ලබමින් ජයග්‍රාහී ආරම්භයක් සලකුණු කළා.
2006 ලෝක කුසලානයෙන් පසු එංගලන්තය ලෝක කුසලාන තරගාවලියක පළමු තරඟය ජය ගත් පළමු අවස්ථාව මෙයයි.
ඊයේ පැවැති අනෙක් තරඟවලදී දකුණු කොරියාව පරදවා ස්වීඩනය ගෝල එකට බින්දුවක ජයක් වාර්තා කළ අතර, සිය මංගල ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන පැනමාව පරදවා බෙල්ජියම ගෝල තුනට බින්දුවක ජයක් වාර්තා කළා.