Gossips

රුසියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටී 18ක් මරුට

රුසියානු එම්.අයි. 8 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් උතුරුදිග සයිබීරියාවේ ක්‍රස්නොයාස්ක් ප්‍රදේශයට කඩා වැටීමෙන් එහි ගමන් ගත් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වනවා.
රුසියානු හදිසි සේවා අමාත්‍යාංශය ප්‍රකාශ කළේ එරට වේලාවෙන් අද උදෑසන 10.20ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි.
කෙසේ නමුත් අනතුර පිළිබද එමගින් වැඩිදුර විස්තර ප්‍රකාශ කර නොමැති බව සඳහන්.
එහෙත් ආරංචි මාර්ග උපුටා දක්වමින් රුසියානු මාධ්‍ය ප්‍රකාශ කළේ හෙලිකොප්ටරය කඩා වැටීම හේතුවෙන් එහි ගමන් ගත් කාර්ය මණ්ඩලයේ 3 දෙනෙකු සහ මගීන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවයි.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.