දකුණුදිග රුසියාවේ සිදුවූ හෙලිකොප්ටර් යානා අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු මියගොස් තිබෙනවා.
දේශසීමා ආරක්ෂක සේවාවට අයත් මෙම යානය කඩා වැටීමට හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.
අනතුර සිදුවන අවස්ථාවේ හෙලිකොප්ටර් යානයේ පුද්ගලයන් 9 දෙනෙකු ගමන් කරමින් සිට ඇතැයි සඳහන්.
