Gossips

රුසියාවේ දේවස්ථානයක වෙඩි තැබීමේ සිද්ධියේ වගකීම අයි.එස් භාරගනී

රුසියාවේ දේවස්ථානයක් තුළ අද සිදුවූ වෙඩි තැබීමේ වගකීම අයි.එස් සංවිධානය භාරගෙන තිබෙනවා.
මෙම වෙඩි තැබීමෙන් කාන්තාවන් පස්දෙනෙකු මියගොස් තවත් පස්දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මෙම වෙඩි තැබීම 22 හැවිරිදි තරුණයෙකු විසින් සිදුකර ඇති බවට හෙලිව තිබෙනවා.
ඔහුද එම ස්ථානයේදීම ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් මියගොස් ඇති බවයි විදෙස් වාර්තා තවදුරටත් සඳහන් කළේ.