Gossips

රුසියාවේ ගුවන් අනතුරක් – 18 කට තුවාල

රුසියාවේ – සෝචි ගුවන්තොටුපලේ දී මොස්කව් සිට පැමිණි බෝයිං 737 වර්ගයේ මගී ප්‍රවාහන ගුවන් යානයක් අද අනතුරකට ලක්වුණා.
අයහපත් කාලගුණය හේතුවෙන් යානය ධාවන පථයෙන් ඉවතට ගොස් ඇදී ඇති අතර පසුව එය ගිනි ගැනීමකට ලක්වීමෙන් 18 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
එම අවස්ථාවේ 164 දෙනෙකු එහි ගමන් කරමින් සිටියා.