Gossips

රුසියාවෙන් සිරියාවේ ත්‍රස්ත ඉලක්ක වෙත ප්‍රහාර

සිරියාවේ ඉඩ්ලිබ් නුවර පිහිටි ත්‍රස්තවාදී ඉලක්ක වෙත රුසියානු ප්‍රහාරක ජෙට් යානා ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
මෙවැනි ප්‍රහාරයක් රුසියාව එල්ල කර ඇත්තේ මසක පමණ නිහඬතාවකින් පසුවයි.
ප්‍රහාරයෙන් කුඩා දරුවන් ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඉඩ්ලිබ් ප්‍රාන්තයට ප්‍රහාරයක් එල්ල කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණා.
ඊට පෙරයි රුසියාව මෙම ප්‍රහාරය දියත් කර ඇත්තේ.
සිරියාවේ අවසන් ත්‍රස්ත බලකොටුව පිහිටා ඇත්තේ ඉඩ්ලිබ් නුවරයි.