Gossips

රුසියාවෙන් ඇමරිකාවට අනතුරු ඇගවීමක්

සිරියාවේ – ඩූමා නගරයට එල්ල වූ රසායනික ප්‍රහාරය මුල්කර ගනිමින් යුදමය ක්‍රියාමාර්ගවලට එළඹීමට කටයුතු නොකරන ලෙස රුසියාව ඇමරිකාවට අනතුර අගවා තිබෙනවා.
රුසියාව මේ බව ප්‍රකාශ කළේ රසායනික ප්‍රහාරයෙන් පසු සිරියානු අවි නිෂ්පාදන මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කරන බවට ඇමරිකාව සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්.
මෙම රසායනික ප්‍රහාරයෙන් පුද්ගලයින් 70 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වූ අතර, ප්‍රහාරය සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ අනුදැනුම මත සිදුවූවක් බවට ඇමරිකාව චෝදනා කළා.
මේ අතර, සිරියානු අර්බුදය සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අනිද්දා පේරු රාජ්‍යයේ සිදුකිරීමට නියමිතව තිබූ නිල සංචාරය ද අවලංගු කර තිබෙනවා.