Gossips

රුසියාවට රාජ්‍ය තාන්ත්‍රික ප්‍රහාරයක්

රුසියානු හිටපු ඔත්තු සේවා නිලධාරියෙකු සහ ඔහුගේ දියණියට බ්‍රිතාන්‍යයේදී රසායනික අවි ප්‍රහාරයක් එල්ල කොට ඝාතනය කිරීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වන රුසියාවට දැවැන්ත රාජ්‍ය තාන්ත්‍රික ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ඒ, ඇමරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපා සංගමයේ රටවල සිටින රුසියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 100කට අධික සංඛ්‍යාවක් පිටුවහල් කිරීමෙන්.
ඇමරිකා එක්සත් ජනපදයේ රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් 60 දෙනෙකු පිටුවහල් කිරීමට මෙලෙස තීරණය කර ඇති අතර, ප්‍රංශය, ජර්මනිය ඇතුළු යුරෝපා සංගමයේ රටවල් 14කින් ද රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් පිටුවහල් කිරීමට නියමිතයි.