Gossips

රුසියාවට නව ඇමරිකානු සම්බාධක

සිරියානු රජයේ රසායනික අවි වැඩසටහනට සහය ලබාදෙන බවට චෝදනා කරමින් රුසියාව වෙත නව සම්බාධක පෙළක් පැනවීමට ඇමරිකාව සැළසුම් කරනවා.
ට්‍රම්ප් පරිපාලනයේ මෙම නව රුසියානු සම්බාධක පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු තානාපතිනි නිකී හේලි ඊයේ කරුණු පැහැදිළි කළා.
එහිදී ඇය කියා සිටියේ අද ප්‍රකාශයට පත් කිරීමට නියමිත මෙම සම්බාධක මගින් සිරියානු රජයේ රසායනික අවි වැඩසටහනට කිසියම් අයුරකින් සම්බන්ධ සමාගම් ඉලක්ක කරගන්නා බවයි.
සිරියාවේ මිතුරන් වන රුසියාව සහ ඉරානයද එහි ප්‍රතිඵල විඳිය යුතු බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.
සිරියාව සමඟ ඍජු සාකච්ඡාවල නිරතවීමද ඇමරිකාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.