Gossips

රුසියාවට ගිය නාමල් රාජපක්ෂ ගුවන්තොටුපොළේ සිරවෙයි

තමාට රුසියාවේ මොස්කව් නුවර සිට ඇමරිකාව වෙත යාම සඳහා ඇමරිකානු බලධාරීන් අවසර ලබා නොදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළා.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දී තිබුණේ එමිරේට්ස් ගුවන් සමාගමට ඇමරිකානු බලධාරීන් කළ දැනුම් දීමකට අනුව මෙලෙස එම රටට යාමට නොහැකි වූ බවයි.
ඊට හේතුව පැහැදිළි ලෙස දක්වා නොමැති බවද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසනවා.
පසුගියදා පැවති රුසියානු ජනාධිපතිවරණයට ස්වාධීන නිරීක්ෂකයෙකු ලෙස සහභාගිවන ලෙස ලද ආරාධනයකට අනුව මන්ත්‍රීවරයා දිවයිනෙන් පිටත්ව ගියේ පසුගිය 15 වනදායි.
ඉන් අනතුරුව ඇමරිකාවේ හූස්ටන් නගරයේ පැවැත්වෙන සිය ඥාතියෙකුගේ අවමංගල්‍ය උත්සවයකට සහභාගිවීම සඳහායි මන්ත්‍රීවරයා මෙලෙස ඇමරිකාව බලා යාමට සූදානම්ව ඇත්තේ.
කෙසේ වෙතත් මේ හේතුවෙන් මන්ත්‍රීවරයාට මේ වනවිට සිදුව ඇත්තේ යළි ශ්‍රී ලංකාවට පැමිණීමටයි.