Gossips

රුසියාවට එරෙහිව බටහිර පෙල ගැසේ

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් විසින් සිදුකරන බවට චෝදනා එල්ල වන ප්‍රකෝපකාරී ක්‍රියාවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ලොව බලගතුම කාර්මික රටවල් හතේ විදේශ අමාත්‍යවරුන් කැනඩාවේ ටොරන්ටෝ නුවරට අද (22) රැස්වනවා.
එමෙන්ම, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන න්‍යෂ්ටික ගිවිසුම අත්හරින්නේද යන්න පිළිබඳව සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡා පිළිබඳවද එහිදී අවධානය යොමුවනු ඇති.
සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ට රුසියාව දක්වන සහයෝගයද එහි ප්‍රධාන සාකච්ඡා මාතෘකාවක්.