Gossips

රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් 23 දෙනෙකුට රටින් පිටවන ලෙසට බ්‍රිතාන්‍යයෙන් දැනුම්දීමක්

බ්‍රිතාන්‍යයේ සැලිස්බරි ප්‍රදේශයේ සිටි රුසියානු රහස් ඔත්තුකරුවෙකුට වසදීම පිණිස රුසියාවේ නිෂ්පාදිත විෂ වර්ගයක් භාවිත කළේ කෙසේදැයි පැහැදිළි කිරීම රුසියාව විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එරට රාජතාන්ත්‍රිකයන් 23 දෙනෙකු සතියක් ඇතුළත පිටුවහල් කරන බව බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ පවසනවා.
ද්විත්ව ඒජන්තවරයෙකු වන 66 හැවිරිදි සර්ජි ස්ක්‍රිපාල් සහ ඔහුගේ 33 හැවිරිදි දියණිය වන යූල්යා ස්ක්‍රිපාල් පසුගිය ඉරිදා සන්ධ්‍යාවේ සොයාගනු ලැබුවේ සැලිස්බරි නගරයේ සාප්පු සංකිර්ණයක් ඉදිරිපිට බංකුවක් මත සිහිසුන්ව වැටී සිටියදියි.
ඔවුන් මේ වනවිට බරපතල තත්ත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, මොවුන්ට කිසියම් විෂ වර්ගයක් ආඝ්‍රණය වී ඇති බවටයි සැක කෙරෙන්නේ.
මෙම විෂ වර්ගය රුසියාවේ නිෂ්පාදනය කරන තහනම් රසායනිකයක් වන අතර, පරීක්ෂණ සඳහා සහය පළ කරන ලෙස දැනුම්දුන්නත් රුසියාව එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනුයි මෙලෙස රාජ්‍යතාන්ත්‍රිකයින් පිටුවහල් කිරීමට තීරණය කර ඇත්තේ.