රුසියානු නාවික හමුදාවට අයත් යුද නෞකා 3 ක්, සුහද සංචාරයක් සඳහා දැන් කොළඹ වරායට සේන්දු වී තිබෙනවා.
වර්යග්, අද්මිරාල් පැන්ටලීෆ් සහ බෝරිස් බුටෝමා නමැති එම යුද නෞකා ලබන 24 වනදා තෙක් එහි රැඳී සිටිනු ඇති.
රුසියානු බටහිර නාවික බලකායට අයත්, එම යුද නෞකා ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක්ව ක්‍රියාකාරකම් රැසක නිරත වීමට නියමිතයි.
මේ අතර, මෙරට මුහුදු තීරයේ ජල භූ විද්‍යාත්මක සමීක්ෂණයක් සිදුකිරීම සඳහා ඉන්දියානු නාවික හමුදාවේ යමුනා නෞකාව ද දැන් කොළඹ වරායට පැමිණ තිබෙනවා.
230 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් සමන්විත යමුනා නෞකාව කොළඹ සිට ගාල්ල දක්වා මුහුදු තීරයේ පුළුල් සමීක්ෂණයක් සිදුකිරීමට නියමිතයි.
