Politics Sri Lanka

රුසියානු ජනාධිපතිවරණයට ව්ලැදිමීර් පුටින් නැවතත්.

රුසියානු ජනාධිපතිවරණයට ව්ලැදිමීර් පුටින් නැවතත්.

ලබන මස පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉකුත් දිනෙක ප්‍රකාශ කළේය. කිසිදු නිශ්චිත වැඩසටහනක් ඉදිරිපත් නොකරමින්, විරුද්ධවාදීන් සමඟ විවාද කිරීම ප්‍රතික්ෂේප කරමින් රුසියානු ජනාධිපතිවරයා සැරසෙන්නේ නැවත වතාවක් තේරී පත්වීමකට වඩා එහා ගිය යමකට යැයි දේශපාලන විචාරකයෝ පවසති.

හැටපස්වන වියේ පසුවන පුටින් ජනාධිපතිවරයා ලොව බලවත්ම නායකයකු ලෙසින් හැඳින්වෙන අතර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ සිව්වැනි වරටය. ලබන මස පැවැත්වෙන මැතිවරණයේදීද පුටින් ජනාධිපතිවරයා සුවිශේෂී ජයග්‍රහණයක් ලබාගනු ඇතැයි අපේක්ෂිතය.

අනෙකුත් අපේක්ෂකයන් සමඟ පැවැත්වෙන විවාද මග හැරිය ද ජනාධිපතිවරයාගේ ප්‍රචාරණ ව්‍යාපාරය ශක්තමත් මැතිවරණ ව්‍යාපාරයක් ලෙස පෙන්වාදීමට හැකිය. “ශක්තිමත් ජනාධිපතිවරයකු ශක්තිමත් රටක් නිර්මාණය කරනව” යන පාඨය සහ පුටින්ගේ රුව දැක්වෙන විශාල ප්‍රමාණයේ දැන්වීම් පුවරු මොස්කව් නුවර දක්නට තිබේ.