රුවන් විජේවර්ධන කමිටු වාර්තාවේ සඳහන් යෝජනා ක්‍රියාත්මක කරලීමට එක්සත් ජාතික පක්ෂය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති අතර, ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධන සිදුකිරීමට පියවර ගන්නා බව එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඔහු නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඒ ඔස්සේ අලුත් මුහුණු පක්ෂයේ නායකත්ව තලය කරා ඔසවා තැබීමට ද තරුණ ජවය පක්ෂයට එක් කිරීමට ද සැලසුම් කර ඇති බවයි.
එක්සත් ජාතික පක්ෂය සෑම විටම උත්සාහ කරන්නේ සාකච්ඡාවෙන්, සම්මුතියෙන් ගැටළු නිරාකරණය කර ගැනීමට බවයි එක්සත් ජාතික පක්ෂ නායකයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
මේ අතර, පක්ෂ ව්‍යවස්ථාවේ වෙනසක් ඉදිරියේදී සිදුවිය යුතු බව නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ කියා සිටියේ ඉබ්බාගමුව ප්‍රදේශයේ ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
පසුපෙළ මන්ත්‍රීවරුන් ප්රතිසංවිධානයේදී බලාපොරොත්තු වූයේ පූර්ණ ප්රතිසංවිධානයක් බව ද එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, ඉදිරියේදී ප්රජාතන්ත්රවාදී ව්‍යවස්ථාමය වෙනසක් පක්ෂය තුළ සිදුවනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ඔහු සදහන් කළා.