Gossips

රුවන් රණතුංග කළකිරීමෙන්

තමා කළකිරීමෙන් පසුවන බව මිනුවන්ගොඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුංග පවසනවා.
එම ප්‍රදේශයේ අද පැවති ආසන බල මණ්ඩල රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට පසුගියදා ආණ්ඩුව සමඟ එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්නට විරෝධය පළ කරමින් කිසියම් පිරිසක් ඊයේ රාත්‍රියේ මහියංගණය නගරය පුරා පෝස්ටර් අලවා තිබූ බව අප වාර්තාකරු සඳහන් කළා.
ඒ, ඔහු පිළිගැනීමේ උත්සවයක් අද මහියංගණය නගරයේ සංවිධාන කර තිබූ මොහොතකයි.
මෙහිදී සංවිධායකයන් සහ මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන්ට එය ආවරණය කිරීමට අවස්ථාව නොදුන් බවද අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.
සඳලංකාව ප්‍රදේශයේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සියලූ පාර්ශවයන්ට යළි පක්ෂය සමඟ එක්වන ලෙස ආරාධනා කළා.