රුවන්වැල්ල – කන්නන්තොට – පරාවත්ත වතු නිවාසයක සිටි කාන්තාවක තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබෙනවා.
අද උදෑසන ඇගේ අනියම් සැමියා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලීසිය කියා සිටියේ.
36 මෙම කාන්තාව පරාවත්ත – කොටියාකුඹුර ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.
ඝාතනයට සම්බන්ධ සැකකරු රුවන්වැල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
(ඡායාරූප – කොටියාකුඹුර දිනේෂ් හර්ෂණ)
