Gossips

රුපියල 174ත් ඉක්මවයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විනිමය අනුපාතය අද (23) රුපියල් 174 ද ඉක්ම වූවා.
ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වන්නේ රුපියල් 174යි ශත 12ක් ලෙසයි.
එහි ගැණුම් මිල රුපියල් 172යි ශත 16ක් ලෙස සටහන් වනවා.
රුපියලේ අගය, පසුගිය සැප්තැම්බර් මාසය තුළ සියයට 4.7කින් පහත වැටුණු අතර වසරේ මේ දක්වා සියයට 12කින් පමණ අවප්‍රමාණ වී තිබෙනවා.