Gossips

රුපියල යළි අවප්‍රමාණ වේ

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශක්තිමත් වූ රුපියල යළි අවප්‍රමාණ වී තිබෙනවා.
මහ බැංකුව අද දිනයේ නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව රුපියලේ විකුණුම් අගය දැක්වුණේ 181 යි ශත 2 ක් ලෙසයි.
එහි ගැනුම් මිල රුපියල් 177 යි ශත 5 ක් ලෙස සටහන් වුණා.
පසුගිය සති කිහිපයේ අඛන්ඩව අවප්‍රමාණ වූ රුපියල මෙම සතිය ආරම්භයේදී ශක්තිමත් වූ අතර, පසුගිය සඳුදා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව එය දැක්වුණේ 180 යි ශත 90 ක් ලෙසයි.