Gossips

රුපියල නව වාර්තාගත අවම අගයක

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ (24) නව වාර්තාගත අවම අගයක් සටහන් කළා.
ඩොලරයක විකුණුම් මිල ඊයේ සටහන් වූයේ රුපියල් 182යි ශත 95ක් ලෙසයි.
මහබැංකුව සඳහන් කරන පරිදි මෙලෙස රුපියලේ අගය අවප්‍රමාණවීමට ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ඇමරිකානු ඩොලරය ශක්තිමත්වීම ද බලපා තිබෙනවා.
රාජ්‍ය සුරැකුම්පත් වෙළෙදපොළෙහි ආයෝජන පිටතට ගලා යාම සහ ආනයන ගෙවීම් සඳහා විදේශ විනිමයට පවතින ඉල්ලුම ඒ සඳහා බලපා ඇති තවත් කරුණු ලෙස සැලකිය හැකියි.
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මේ වසරේදී මේ දක්වා සියයට 18.2කින් අවප්‍රමාණ වී ඇති බවයි රොයිටර් විශ්ලේෂකයා පෙන්වා දෙන්නේ.