Gossips

රුපියල අවප්‍රමාණවීමට හේතුව ඒකාබද්ධය කියයි

වර්තමාන ආණ්ඩුව යටතේ රට තුළට විදේශ ආයෝජන නොපැමිණීම ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණ වීමට හේතු වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක කියා සිටියේ වර්තමාන ආණ්ඩුවේ මහබැංකු බැඳුම්කර වංචාව හේතුවෙන් කොටස් වෙළදපොළ තුළ ආයෝජනය කර තිබූ විදේශ ආයෝජන, යළි එම රටවල් ඉවත් කරගෙන ඇති බවයි.
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගෙන් 8 දෙනෙකුගේ ආසන සංවිධායක ධුර ඉවත් කිරීම පිළිබදව ද එම මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ කියා සිටියා.