රුපියල අවප්‍රමාණ වීම සම්බන්ධයෙන් කඩිනමින් වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජාතික ආර්ථික සභාව ඊයේ රැස්වූ අවස්ථාවේදීයි.
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හමුවුණා.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නිල නිවසේදී පැවති මෙම හමුවට ජනාධිපති ලේකම්වරයා සහ උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ ද එක්ව සිටියා.
මෙහිදී සයිටම් සිසුන් කොතලාවල වෛද්‍ය පීඨයට කඩිනමින් අනුයුක්ත කිරීමේ වැඩපිළිවල සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරුණු බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද කියා සිටියේ.
