Gossips

රුපියලේ බාල්දුව නිසා තෙල් සංස්ථාවට බිලියන ගණනක පාඩුවක්

රුපියල අවප්‍රමාණවීම හේතුවෙන් ඉන්ධන ආනයනය සඳහා ලබාගත් ණය පියවීමේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් බිලියන දහ හතහමාරක පාඩුවක් සිදුව තිබෙනවා.
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඉන්ධන ආනයනය සඳහා සංස්ථාව රාජ්‍ය බැංකු දෙකකින් ඇමරිකානු ඩොලර් බිලියන 2.5 ක ණය මුදලක් ලබාගෙන ඇති බවයි.
පසුගිය කාලය තුළ රුපියලේ අගය සියයට 8 කට වැඩි ප්‍රමාණයකින් අවප්‍රමාණ වූ අතර, ඒ අනුව ඩොලර් ණය පියවීම සඳහා වැඩි මුදලක් වැය කිරීමට සිදුව තිබෙනවා.
ජාත්‍යන්තර වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාමද මෙම තත්ත්වයට තවත් හේතුවක්.
එමෙන්ම වර්තමානයේ ක්‍රියාත්මක වන ඉන්ධන මිල සූත්‍රය තවදුරටත් අඛන්ඩව ක්‍රියාත්මක කරන බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.
ඒ අනුව ලබන ඔක්තෝම්බර් 10 වනදා ඉන්ධන මිල යළි ඇගයීමට නියමිතයි.