රුපියල් 9000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් කම්කරු කොමසාරිස් කාර්යාලවලට අනුයුක්තව සේවය කරන නිලධාරීන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කල්මුණේ සහ නුවරඑළිය යන කම්කරු කොමසාරිස් කාර්යාලවලට අනුයුක්තව සේවය කරන නිලධාරීන් දෙදෙනෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඔවුන් නානුඔය ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් 9000ක මුදලක් ඉල්ලා එය ලබා ගන්නා අවස්ථාවේ නුවරඑළිය කම්කරු අධිකරණය අසළ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
