හය ශ්‍රේණියට සිසුවෙකු ඇතුළත් කරගැනීමට රුපියල් 8,000 ක අල්ලසක් ගත් මාතර – දෙයියන්දර ප්‍රදේශයේ ජාතික පාසලක විදුහල්පතිවරයෙකු අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද දහවල් විදුහල්පති නිල කාමරය තුළදී අදාළ මුදල ලබාගැනීමේදී මෙම විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
මුලටියන ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගෙන් රුපියල් 15,000 ක මුදලක් මෙලෙස අල්ලස් වශයෙන් ඉල්ලා ඇති අතර, ඇය විසින් රුපියල් 7,000 ක් මීට පෙර ඔහුට ලබාදී තිබුණා.
සැකකාර විදුහල්පතිවරයා අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
