රුපියල් 68 ලක්ෂයක් පමණ වටිනා කැරට් විසි හතරේ රත්‍රං චේන් 5ක් නීතිවිරෝධී ලෙස රැගෙන ආ ඉන්දියානුවෙකු කටුනායක ගුවන් තොටුපළ රේගුව මගින් අද දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
චෙන්නායි නුවර සිට අද දහවල් 11.25ට යූ.එල්. 122 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් දිවයිනට පැමිණි ඔහු කිලෝග්‍රෑම් 1ක් බරැති මෙම රත්‍රං චේන් සිය සිරුරේ සඟවාගෙන සිටියදී සොයා ගනු ලැබූ බවයි රේගුව සඳහන් කළේ.
