Gossips

රුපියල් 5000 නෝට්ටු තොගයක් මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකා රුපියල් පන්දහසේ නෝට්ටු තොගයක් මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ ඉන්දියාවේ – මදුරෙයි සිට මෙරටට පැමිණි අවස්ථාවේදී මොහුගේ ගමන් මළුවල තිබී රුපියල් ලක්ෂ 7 ක වටිනාකමකින් යුත් පන්දහසේ නෝට්ටු 140 ක් සොයාගත් බවයි වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය සඳහන් කළේ.
37 හැවිරිදි සැකකරු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචි ව්‍යාපාරිකයෙක්.