හල්දුම්මුල්ල – මුරුතහින්න – නිකපොත ප්‍රදේශයේදී සිදුවූ ඝාතනය රුපියල් 100ක මුදල් ගැටළුවක් මත සිදුව ඇති බව සිදුකළ පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
නිකපොත ප්‍රදේශයේ අවමංගල නිවසකදී ඊයේ (01) රාත්‍රියේ ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් මෙලෙස ඝාතනයට ලක්වුණේ 38 හැවිරිදි හම්බන්තොට – සමගිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මොහු අදාළ නිවසේ සූදු ක්‍රීඩාවේ යෙදෙමින් සිටියදී තවත් පුද්ගලයෙකු සමඟ මෙලෙස බහින්බස්වීමක් සිදුව ඇති අතර, පසුව ඔහු මුගුරකින් පහරදී මෙම පුද්ගලයාව ඝාතනය කර තිබෙනවා.
සැකකරු පසුව අත්අඩංගුවට ගත් බවයි හල්දුම්මුල්ල පොලීසිය සඳහන් කළේ.
එමෙන්ම කොළඹ – මීගමුව මාර්ගයේ කටුනායක ප්‍රදේශයේ රේස් බයි රේස් ආයතනයක් තුළදී සිදුකළ පහරදීමකින්ද පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ඊයේ රාත්‍රියේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කටුනායක ප්‍රදේශයේම පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක්.
මුදලට ඔට්ටු ඇල්ලීම මත ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති අතර, ඝාතනය සිදුකළ පුද්ගලයා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම දියවන්නා ඔයේ පාවෙමින් තිබියදී ඊයේ (30) පස්වරුවේ පුද්ගල මළ සිරුරක් සොයාගෙන ඇති අතර, මළසිරුරේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැහැ.
පොලීසිය සඳහන් කළේ මළ සිරුර මේ වනවිට කොළඹ ජාතික රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි.