Gossips

රුපියල් ලක්ෂ 80 ක ස්වර්ණාභරණ තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ 80 ක් වටිනා ස්වර්ණාභරණ තොගයක් සමඟ කාන්තාවක් ගුවන් තොටුපල රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (11) අලූයම මෙම සැකකාර කාන්තාව ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේදී ඇඳුම් තුළ එම ස්වර්ණාභරණ තොගය සඟවාගෙන පැමිණි බවයි ගුවන් තොටුපල රේගු ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
මෙම රත්‍රං තොගයේ බර කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 300 ක් වන අතර, සැකකාර කාන්තාව 54 හැවිරිදි වරකාපොළ ප්‍රදේශයේ පදිංචිකාරියක්.