Gossips

රුපියල් ලක්ෂ 80ක නිල් මැණික් සමඟ උගන්ඩා ජාතිකයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 80ක් වටිනා නිල් මැණික් කැට තොගයක් සමඟ උගන්ඩා ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන් ඊයේ (29) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ සැකකරු ළඟ තිබී නිල් මැණික් කැට 858ක් සොයාගෙන ඇති බවයි.
63 හැවිරිදි මෙම උගන්ඩා ජාතිකයා රඳවාගෙන තවදුරටත් ප්‍රශ්න කරන බව ද ගුවන් තොටුපළ රේගුව සඳහන් කළා.