Gossips

රුපියල් ලක්ෂ 130ක එතනෝල් ජාඇලින් අල්ලයි

රුපියල් ලක්ෂ 130ක් වටිනා එතනෝල් අඩංගු බැරල් 50ක් සමඟ පුද්ගලයින් 3 දෙනෙකු ජාඇල – වැලිගම්පිටියේදී ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සුරාබදු නිලධාරීන් සිදුකරන ලද මෙම වැටලීමේදී අනාවරණ වී ඇත්තේ රේගුව මගින් රාජසන්තක කරන ලද එතනෝල් තොග මිලදී ගන්නා ව්‍යාපාරිකයෙකු විසින් මෙම එතනෝල් තොගය ප්‍රවාහනය කර ඇති බවයි.
එම එතනෝල් තොගය උපාය දූතයෙකු යොදවා අත්අඩංගුවට ගනු ලැබූ බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සඳහන් කළේ.