Gossips

රුපියල් ලක්ෂ 11 ක් වටිනා නීති විරෝධී දුම්වැටි තොගයක් රේගු අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස ඩුබායි සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
අද (22) උදෑසන මෙම අත්අඩංගුවට ගැනීම සිදුකල බවයි අප ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ බලපිටිය සහ අම්බලන්ගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.
සැකකරුවන් දෙදෙනා දුම්වැටි කාටූන් 117 ක් ඔවුන්ගේ ගමන් මලු වල සගවා ගෙන පැමිණ තිබු බවයි රේගුව සදහන් කළේ.
එහි වටිනාකම රුපියල් එකොලොස් ලක්ෂ හැත්තෑ දහසක් පමණ වන බවයි ගුවන් තොටුපළ රේගුව කියා සිටියේ.
සැකකරුවන් දෙදෙනාට රුපියල් 75000ක සහ රුපියල් 25000ක් බැගින් දඩ මුදල් ගෙවන ලෙස නියෝග කර ඇති අතර දුම්වැටි තොගය රාජසන්තක කිරීමටයි නියෝග කර ඇත්තේ.