Gossips

රුපියල් මිලියන 1398ක මුදලක් ගැන අගමැතිගෙන් පැහැදිලි කිරීමක්

2014 වසරේ දෙසැම්බර් මස 01 වන දා සිට 2015 ජනවාරි මස 08 වන දා දක්වා කාලය තුළ චෙක්පත් 82ක් මගින් රුපියල් මිලියන 1398ක මුදලක් බැංකුවලින් මාරු කර එවකට ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්ට ලබාදී ඇති බවට අනාවරණ වී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඊයේ (16) අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.
ඊට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ.
එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ එවකට ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් වෙත ලබාදී ඇති බවට පැවසෙන මුදල් සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති පැමිණිල්ලට අදාළව සිදුකෙරෙන විමර්ශන කිසිදු ලෙසකින්වත් නතර කර නොමැති බවයි.
ඊට අදාළ විමර්ශන 2016 වසරේ මැයි මස 09 වන දා පොලිස් විශේෂ විමර්ශන ඒකකය ආරම්භ කර තිබුණා.
චයිනා හාබර් ආයතනයේ චෙක්පත් ද ඊට ඇතුළත්ව ඇති බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇත්තේ.