Gossips

රුපියල් මිලියන 1248 ක හෙරොයින් කළුබෝවිල සහ සුභූතිපුරින් අල්ලයි

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සිදුකළ වැටලීමකදී කිලෝග්‍රෑම් 103 කට වැඩි හෙරොයින් තොගයක් සොයාගැනීමට හැකිවී තිබෙනවා.
පාර්සල් 96 ක තිබූ මෙම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 1248 ක් පමණ වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.
කළුබෝවිල සහ සුභූතිපුර ප්‍රදේශවලින් මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති අතර, ඒ සමඟම සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.