Gossips

රුපියල් පන්දහසේ නෝට්ටු 255 ක් සමඟ චීන කාන්තාවක් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට

රුපියල් පන්දහසේ නෝට්ටු 255 ක් නීති විරෝධී ලෙස චීනය බලා රැගෙන යෑමට උත්සහ කළ කාන්තාවක් අද (06) දහවල් කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකාරිණිය 35 හැවිරිදි චීන ජාතික කාන්තාවක්.
ඇය මෙලෙස රැගෙන යාමට උත්සහ කළ මුදල් ප්‍රමාණයේ වටිනාකම රුපියල් 12,75,000 ක් බවයි රේගුව පැවසුවේ.
ශ්‍රී ලංකා රේගුව වැඩිදුර විමර්ශන සිදුකරනවා.