Gossips

රුපියල් දෙදහසක අල්ලසක් ගත් සමෘද්ධි නිලධාරියෙකු රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

රුපියල් 2000ක අල්ලස් මුදලක් ලබා ගත් සමෘද්ධි සංවර්ධන නිලධාරියෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළොන්න ප්‍රදේශයේ සමෘද්ධි සංවර්ධන නිලධාරියෙක්.
මොහු කොළොන්න සමෘද්ධි ප්‍රජාමූල්‍ය බැංකුවෙන් සමෘද්ධිලාභියෙකුට රුපියල් ලක්ෂයක ණය මුදලක් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සලසා දීම සඳහා මෙම අල්ලස් මුදල ඉල්ලා තිබුණා.
ඉන් රුපියල් දහසක මුදලක් පළමුව ලබාගෙන ඇති අතර, පසුව ඊයේ (14) දිනයේදී ඉතිරි රුපියල් දහසේ මුදල ලබා ගැනීමට යාමේදී අත්අඩංගුවට පත්ව ඇති බව සඳහන්.
සැකකරු ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, එහිදී නියෝග කර ඇත්තේ ඔහු ලබන 20 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.