රුපියල් දෙකෝටි අසූ ලක්ෂයක වටිනාකමකින් යුත් විදේශ මුදල් තොගයක් සමඟ 25 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපළේදී අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් සිංගප්පූරුව බලා යාමට පැමිණි මොහුගේ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක් තුළ අදාළ විදේශ මුදල් නෝට්ටු තොගය සඟවා තිබූ බවයි රේගුව ප්‍රකාශ කළේ.
එම මුදල් තොගයට යුරෝ, කටාර් රියාල්, ස්විස් ෆ‍්‍රෑන්ක්, ඩෙන්මාර්ක ක්‍රෝනර් සහ සෞදි රියාල් නෝට්ටු ඇතුළත්ව තිබූ බව සඳහන්.
