Gossips

රුපියල් දෙකෝටියකට ආසන්න රන් බිස්කට් තොගයක් කටුනායක ගුවන් තොටුපළින් අල්ලයි

කටුනායක – බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පානීය ජල බඳුනක් පිටුපස පාර්සලයක තිබූ රුපියල් දෙකෝටියකට ආසන්න රන් බිස්කට් 28ක් රේගු භාරයට ගෙන තිබෙනවා.
ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවකයෙකු විසින් මෙම පාර්සලය නිරීක්ෂණය කොට රේගුව වෙත භාර දී ඇති බව සඳහන්.
රන් බිස්කට් 28 කිලෝග්‍රෑම් 3යි, ග්‍රෑම් 248ක් බරකින් යුක්ත වන අතර, එහි වටිනාකම රුපියල් එක් කෝටි අනූ පන් ලක්ෂ අනූ දෙදෙහස් එකසිය හැටක් ලෙස තක්සේරු කර තිබෙනවා.
රන් බිස්කට් හිස් දුම්වැටි අසුරණවල බහා එම පාර්සලයේ අසුරා තිබූ බවයි ගුවන් තොටුපළ රේගුව සඳහන් කළේ.