ඔරුගොඩවත්තේ බහාලූම් අංගනයේ සැකකටයුතු බහාලූමක් පරීක්ෂා කළ රේගු නිලධාරින්ට එහි සඟවා තිබූ හෂීස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 973 ක් සහ විදේශීය මත්පැන් සොයා ගැනීමට හැකිවී තිබෙනවා.
එහි විදේශීය සැර මත්පැන් බෝතල් 232 ක්, වයින් බෝතල් 253 ක් සහ බීර බෝතල් 46 ක් මෙන්ම, දුම්වැටි දහසක් හමුවූ බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
අත්අඩංගුවට ගැණුනු හෂීස් මත්ද්‍රව්‍ය තොගය රුපියල් දස ලක්ෂයක පමණ වටිනාකමකින් යුක්තයි.
මෙහිදී අත්අඩංගුවට ගනු ලැබූ විදේශීය මත්පැන් වල වටිනාකම රුපියල් හත්ලක්ෂ 76,000 කට අධිකයි.
බහාලූමේ තිබී සොයා ගත් නීතිවිරෝධී භාණ්ඩවල මුළු වටිනාකම රුපියල් දාහත් ලක්ෂ 76,000 ක් බවයි රේගුව ප්‍රකාශ කළේ.
මෙම තහනම් භාණ්ඩ ආනයනය සම්බන්ධයෙන් පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදී තිබෙනවා.
