Gossips

රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු සමග තරුණයෙක් අත්අඩංගුවට (ඡායාරූප)

ගලෙන්බිඳුනුවැව පඬිකාරමඩුව ප්‍රදේශයේ නිවසක තිබී රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සහ මුද්‍රණ උපකරණ සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හෙරොයින් අලෙවි කරන පුද්ගලයෙකු පිළිබඳ ගලෙන්බිඳුනුවැව පොලිසියේ දුෂණ මර්දන අංශයේ නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුවයි අද උදෑසන අදාළ නිවස පරීක්ෂා කර ඇත්තේ.
කෙසේවෙතත් එම නිවසේ හෙරොයින් තිබී නොමැති අතර අල්මාරියක තිබී රුපියල් හැත්තෑදහසක ව්‍යාජ දහසේ නෝට්ටු සහ මුද‍්‍රණ උපකරණ සොයා ගැනුනා.
20 හැවිරිදි සැකකරු මීට පෙර ද විවිධ අපරාධ සම්බන්ධයෙන් අධිකරණයෙන් දඩුවම් ලැබු අයෙක් බවටයි හෙළිවී ඇත්තේ.
සැකකරු හෙට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඡායාරූප – ගලෙන්බිඳුනුවැව චින්තක බාලසූරිය