Gossips

රුපියල් දස දහසක අල්ලසක් ලබා ගත් කම්කරු නිලධාරියෙකු අත්අඩංගුවට

රුපියල් 10,000ක අල්ලසක් ලබා ගත් ත්‍රිකුණාමලය කම්කරු කාර්යාලයට අනුයුක්ත නිලධාරියෙකු ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් තම ව්‍යාපාරික ස්ථානයේ සේවය කරනු ලබන සේවකයෙකු වෙනුවෙන් අර්ථසාධක අරමුදල් නොගෙවීම සම්බන්ධයෙන් නීති මගින් කටයුතු නොකර සිටීමට මෙම අල්ලස් මුදල ලබාගෙන ඇති බවයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් කම්කරු නිලධාරියා විමර්ශනවලින් අනතුරුව ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.