Gossips

රුපියල් කෝටි 5 ක විදේශීය මුදල් තොගයක් සමග තුන්දෙනෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි 05 ක වටිනාකමකින් යුත් විදේශීය මුදල් තොගයක් මෙරටින් රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයින් තුන්දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද පෙරවරුවේ ඩුබායි බලා පිටත්ව යාමට පැමිණි මොවුන්ගේ ගමන් මළු ගුවන්තොටුපල රේගුව විසින් පරීක්ෂා කිරීමේදී මෙම විදේශීය මුදල් තොගය සොයා ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනාගෙන් එක් අයෙකු ඉන්දීය ජාතිකයෙකු වන අතර අනෙක් දෙදෙනා ශ්‍රී ලාංකිකයින්.
මෙම විදේශීය මුදල් තොගයට යුරෝ, ඇමරිකානු ඩොලර් සහ සෞදි රියාල් මුදල් නෝට්ටු ඇතුළත් බව රේගුව ප්‍රකාශ කළා.