කඩුවෙල ප්‍රදේශයේදී රුපියල් කෝටි 3ක වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් ත්‍රිරෝද රථයකින් හෙරොයින් ජාවාරමේ නිරතව සිටියදීයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් ඊයේ (07) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.
කඩුවෙල සහ දෙමටගොඩ ප්‍රදේශවල පදිංචි මෙම සැකකරුවන් දෙදෙනා සතුව එම අවස්ථාවේදී හෙරොයින් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 600ක් තිබූ බවයි පොලීසිය සඳහන් කළේ.
